මුහුණ සපා කෑ ඇමති ලේකම් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 5, 2016

මුහුණ සපා කෑ ඇමති ලේකම් (VIDEO)

ගාල්ල දිස්ත්‍රික් අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මුහුණ සපා කෑම හේතුවෙන් පුද්ගලයෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (04) රාත්‍රී අහංගම නගරයේ අවන්හලක් අසල දී පුද්ගලයෙකු සමඟ බහින්බස්වීමකින් අනතුරුව අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙසේ ඔහුට පහරදී සපා කෑ බව පවසන චමින්ද උදය කුමාර නැමති තරුණයා ගාල්ල කරාපිටිය රෝහලේ වාට්ටු අංක 58හි ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු අහංගම මුණිදාස මාවතේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් අදාල අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් මාධ්‍ය විමසා ඇතත් ඔහු කියා ඇත්තේ තමන් මෙවැනි පහරදීමක් සිදු නොකළ බවත් බීමතින් ඇඳ වැටි ඔහුට තුවාල සිදුවන්නට ඇති බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය පරික්ෂණ සිදු කරයි.

වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad