එමෙන්ම රාත‍්‍රියේ සෙත් පිරිත් සජ්ජායනයක් පැවැත්වුණු අතර ඊයේ දිනයේ සිදුවූ වැදගත්ම සිදුවීම වන්නේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා මහවැලි අමාත්‍යවරයාව සිටි 2005-2006 කාලයේ ඔහුව මරාදැමීමට තැත්කල හිටපු LTTE සාමාජිකයාට සමාව ලබාදීමයි.
දෙස් විදෙස් අවධානය දිනාගත් මේ සිදුවීම බොහෝ විදෙස් පුවත් සේවයන් ප‍්‍රශංශාත්මකව වාර්තා කොට තිබුනා. මේ අතර ජනපතිගේ පළමු ජයග‍්‍රහන සැමරුම වෙනුවෙන් නිර්මානය කරන ලද වීඩියෝවක් පිළිබදව ඊයේ දිනය පුරා දැඩි කතාබහක් ඇතිවුනා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රජෙකු ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතාව හුවා දක්වමින් නිර්මානය කර තිබූ එම වීඩියෝවට බොහෝ දෙනාගෙන් එල්ල වූයේ දැඩි විවේචනයක්. එමෙන්ම එම නිර්මානය කිසිදු නිමාවකින් තොර එකක් වන අතර අතීත ශී‍්‍ර විභූතිය විනාශ කරන ලද එකක් ලෙස ඇතැමුන් අදහස් දක්වා තිබුනා.
කෙසේ වෙතත් Youtube අඩවියේ දැඩි ජනතා අප‍්‍රසාදයක් පලවූ මෙම වීඩියෝව පසුව බලධාරින් විසින් ඉවත්කොට ගෙන තිබෙනවා.











No comments:
Post a Comment