මෙම වසරේ දී පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවන බව ඊට සමීප ආරංචි මාර්ග පවසයි.
මේ වෙනුවෙන් දැනටමත් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සූදානමින් තිබේ. ‘අපේ නිදහස් පෙරමුණ’ නමින් පැවැති මහ මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් එම පක්ෂය ලියාපදිංචි කර තිබිණි.
එහි දී එම පක්ෂයේ ලකුණ ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රචාරක කටයුතුවල දී යොදා ගත් නෙළුම් මල ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් එවකට ඉල්ලා සිටිය ද එම නෙළුම් මල ජාතික සංකේතයක් ලෙස සැලකෙන බැවින් එය පක්ෂ ලාංඡනයක් ලෙස ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබිණි.
පසුව එහි පෙති කිහිපයක් ඉවත් කර නෙළුම් පොහොට්ටුව ලබා ගැනීමට කොමසාරිස්වරයා එකඟ කරවාගෙන තිබිණි. ඒ කෙසේ නමුත් මෙම පක්ෂයේ නම වෙනස් කිරීම ඉදිරියේ දී සිදු වීමට නියමිතය. ඊට හේතු වී ඇත්තේ පක්ෂ නාමයේ ‘අ’ යන්නේ පටන් ගන්නා ‘අ’ අක්ෂරය අපාය අක්ෂරයක් ලෙස අක්ෂර ශාස්ත‍්‍රයේ දී ගණ පිහිටවන විට සැලකෙන බැවිනි.
මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. පසුගිය දා පදනම් ආයතනයේ හිටපු සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ නිවසේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති නමුත් බැසිල්ගේ ඇති හදිස්සියට මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා විරුද්ධ වී ඇත.
එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා මහනුවර දී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා, විකල්පයක් හදන්න කාලය පැමිණ තිබෙන බව පවසමින් නව පක්ෂයක් ගොඩනගන බවට වන ඉඟියක් ලබා දුන්නේය. එමෙන්ම නව පක්ෂයේ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙක ප‍්‍රසිද්ධියේ සහභාගි නොවීමට ද තීරණය කර ඇත.
ශ‍්‍රීලනිපය අත්හැර නොයන නායකයකු ලෙස පෙනී සිටිමින් තීරණාත්මක අවස්ථාවක දී නව පක්ෂයේ සහාය ඔහු වෙත ලබා ගැනීම උපක‍්‍රමය වී තිබේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා බීබීසී සංදේශයට ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බවය.
ඒ කෙසේ නමුත් ජනාධිපතිවරණයේ පරාජයට හේතු වූයේ බැසිල් රාජපක්ෂගේ සැලසුම් බවට එල්ල වන චෝදනාව හේතුවෙන් ඔහුගේ ප‍්‍රධානත්වයෙන් නව පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් මහින්දවාදී කණ්ඩායම් හි බහුතරයේ විරෝධය එල්ල වී තිබේ. එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බැසිල් රාජපක්ෂ මහතා එදා පරාජයට ආණ්ඩුවේ ඇතැම් අඩුපාඩු මෙන්ම ජාත්‍යන්තර රටවල් කිහිපයක බලපෑම් ද හේතු වූ බව සඳහන් කරයි.
- SathHandha
Saturday, January 9, 2016
පුංචි ඡන්දයට මහින්දවාදීන් නෙළුම් පොහොට්ටුවෙන්.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment