එක පාරකට මුල්ගල් දෙකක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

එක පාරකට මුල්ගල් දෙකක් (VIDEO)

අද (08) උදෑසන දැරණියගල ප්‍රදේශයේ මාර්ගයක කාපට් ඇතිරීම ආරම්භ වූ අතර එහි විවෘත කිරීම සඳහා උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ සහභාගීත්වයෙන් එක් තැනෙක විවෘත කිරීම සිදුවෙද්දි තවත් තැනෙක විවෘත කිරිමේ උත්සවය පැවැත්වුයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ප‍්‍රධානත්වයෙනි.
දෙහිඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැරණියගල වෙල්ලන්ගල සිට ගොඩ වෙතට යන මාර්ගයේ මෙලෙස කාපට් ඇතිරීම ආරම්භකර තිබේ. ඉතා අබලන් මට්මක තිබූ මෙම මාර්ගයේ කාපට් ඇතිරීම අද ආරම්භ කර තිබෙන්නේ වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ ජනතාවගේ තිබූ අපේක්ෂාවක් ඉටුකරමිනි. නමුත් එය ආරම්භ කිරීමට උත්සව දෙකක් සංවිධානය කර තිබීම ජනතාවට ආන්දෝලනාත්මක කාරණයක් විය.

මෙහිදී එක් උත්සවයක් අධිකරණ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඔහු තම පක්ෂය නියෝජනය කරමින් දැමූ කොඩිවැල් අතරින් පැමිණ පාක්ෂිකයන්ගේ ප‍්‍රතිචාර මැද සමරු ඵලකය නිවාරණය කළේ ය.

එයට මීටර් 100ක් පමණ ඈතින් තවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහි දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමාගේ ආරාධනයෙන් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී තිබුණේ සුජිත් සංජය පෙරේරා මන්ත‍්‍රීතුමාය.

No comments:

Post a Comment

Post Bottom Ad