මෛත්‍රීගේ සැමරුමට මහින්ද නෑ   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

මෛත්‍රීගේ සැමරුමට මහින්ද නෑ  

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්ති සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතා අද (08) මහනුවර අස්ගිරිය මහා විහාරයට යාමට නියමිත බවත් ඒ හේතුවෙන් අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සිටින බවත් ඔහු සඳහන් කළේය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්ති සැමරුමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේද යන්න අප කළ විමසීමකදී වැලිවිට මහතා පැවසූවේ  තමන් දැනුවත්ව එවැනි ආරාධනයක් සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක්‌ පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද (08) ප.ව. 2.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad