කතකගේ පසුපස ඇල්ලූ කොන්දොස්තර නිසා බස් වර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

කතකගේ පසුපස ඇල්ලූ කොන්දොස්තර නිසා බස් වර්ජනයක්

මිනුවන්ගොඩ - කටුනායක බස් රථයක කොන්දොස්තරවරයෙක් බස් රථයේ සිටි කාන්තාවකගේ පිටුපස පෙදෙස ස්පර්ශ කිරීම නිසා උරණ වූ එම කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා බස් රථය කටුනායකට පැමිණි පසු කොන්දොස්තර සමග ගැටුමක පැටලී තිබේ.

මෙම සිදුවීම දුටු ජංගම සේවයේ නිරතවී සිටි පොලිස් නිලධාරියකු ඒ පිලිබදව පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව කොන්දොස්තරවරයා සහ කාන්තාව යන දෙපාර්ශවයම පොලිසිය වෙත ගොස් ඇති අතර එහිදී පොලසිය විසින් අදාල කොන්දොස්තරවරයාට පහරදුන් බවට කොන්දොස්තරවරයා චෝදනා එල්ල කරයි.

එම පහරදීමට එරෙහිව මේ වනවිට කටුනායක නිදහස් වෙළද කලාපයට පැමිණෙන සියලුම පෞද්ගලික බස් රථ වර්ජනයක නිරතවන අතර එම වර්ජනයට සුඛෝපබෝගී බස් රථ ද එක්ව සිටින බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad