ශ්‍රී ලංකා - පකිස්තානු ගිවිසුම් අනුව ජේ එෆ් 17වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමේ සූදානමක් පිළිබඳව පළ වූ පකිස්තානු මාධ්‍ය වාර්තා අසත්‍ය ඒවා යැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසූ බව ඉන්දියාවේ 'ද හින්දු පුවත්පත' වාර්තා කර තිබේ.
මෙවැනි ප්‍රහාරක ගුවන් යානාවල අවශ්‍යතාවයක් රටට තිබේ නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව විනිවිදභාවයකින් යුතුව එම ගනුදෙනු සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් පැවසූ බව ද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.
හින්දු පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රියාත්මක වීමට සූදානම්ව තිබූ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දියා ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. නමුත් පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මෙම ගනුදෙනුව ස්ථිර බවයි.

No comments:
Post a Comment