ඇඹිළිපිටියේ ගැටුමේ ඇත්ත කතාවද මේ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 7, 2016

ඇඹිළිපිටියේ ගැටුමේ ඇත්ත කතාවද මේ?

ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණා. 

තුවාල ලැබූ එක් පුද්ගලයකු අද (07)  අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූවා. අප විසින් වාර්තාකරන ලද එම පුවතට අප පාඨකයකු විසින් මෙවන් ප්‍ර‍තිචාරයක් දක්වා තිබෙනවා. 

“රාත්‍රී දොළහෙන් පසු ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන ලෙස නියෝග කිරීමට පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් අයෙකුට පහර දී නිල ඇඳුම ඉරා තුවක්කුව උදුරා ගැනීමෙන් පසු මෙය ආරම්භ උනා. පසුව තුවක්කුව නැවත පොලිසියට ලබා දීමට එතන සිටි වැඩිහිටියෙකු ක්‍රියා කළා.

පසුව මියගිය පොඩි වෙදා හෙවත් සුමිත් ප්‍රසන්න ඉතාම පහත් ආකාරයට පොලිසියට බනිමින් හැකිනම් උඩ තට්ටුවට එන ලෙස අභියෝග කළා. ආවොත් කෑලි වලට කපා දමන බවත් පොලිසියට තර්ජනය කළා. පසුව පැමිණි පොලිස් ජීප් රථ දෙකේ සිටි නිලධාරීන් සහ බිමත් පිරිස අතර දරුණු ගැටුමක් ඇති උනා. ප්‍රහාරයේදී පොලිසිය ඉතාම සාර්ථක උනා.

මියගිය පුද්ගලයා මුලින් කෑගසා තර්ජනය කළත් පසුව පහර කා දිව්වා.. ඔහු නොදුටු ශාලාව හරහා තිබු දැවැන්ත ඝන විදුරු තහඩුවේ වැදුණු ඔහු බිඳුණු විදුරු වලට කැපුණු ශරීරය පුරාම ලේ ගලන තුවාල සහිතව අසිහියෙන් මෙන් ගමන් කොට තට්ටුවේ අනාරක්ෂිත කොටසින් පහලට වැටුනා. මා එම සාදයේ සිටියා.“ 

කෙසේ වෙතත්, ගැටුමට හේතුව මුලින් එහි පැමිණි පොලිස් නිලධාරීන් අරක්කු ඉල්ලා සිටිම බවත්, ඔවුන්ට දීමට අරක්කු නොතිබූ බවත්, ගැටුමට හේතුව එය බවත් අදාල සාදය පැවැත්වූ පාර්ශවයෙන් පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad