ඒකාබද්ද විපක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහාතාට සහය දෙන්නේ මැතිවණයට පෙර ශ‍්‍රිලනිප අගමැතිවයෙක් පත් කරන්නේ නම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු මීට පෙර සිටි කිසිදු ශ‍්‍රීලනිප නායකයෙක් එජාප අගමැතිවරෙයක් පත් කරන්න සහාය නොදුන් බවයි. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සන්ධාන මන්ත‍්‍රීවරුන්ද එජාප අගමැතිවරයෙක් පත් කිරීමට සහාය දී තිබීම ගැන ලැජ්ජා විය යුතු යයිද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප අගමැතිවරයෙකු පත් කර ශ‍්‍රීලනිපය දිනවන බව පාක්‍ෂිකයා මත විශ්වාසය තහවුරු කරන්නේ නම් ඒකාබද්ද විපක්‍ෂය ඔහුට සහය දීමට සූදානම් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment