බුද්ධි නිලධාරීන්ට එරෙහි නඩුව විභාග කරන හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා මොරටුවට මාරු කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 5, 2016

බුද්ධි නිලධාරීන්ට එරෙහි නඩුව විභාග කරන හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා මොරටුවට මාරු කරයි 

ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනයට සම්බන්ධ බව කියමින් සැකපිට යුද හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් හය දෙනකුට එරෙහිව රහස්‌ පොලිසිය මගින් ගොනු කළ නඩු විභාගය පවත්වාගෙන ගිය හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙණිය මහතා මොරටුව අධිකරණයට ස්‌ථාන මාරු කර යවා තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට සහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතාට ලබා දී තිබූ ස්‌ථාන මාරු සුවිශේෂී නඩු විභාග පවත්වාගෙන යාම හේතුවෙන් අවලංගු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබිණි.

එසේ තිබියදී තවත් සුවිශේෂීම නඩු කටයුත්තක්‌ වූ එක්‌නැලිගොඩ සිද්ධිය පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන ගිය හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාගේ ස්‌ථාන මාරුව මෙලෙස ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව පසුගිය 30 වැනිදා සිට හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා මාරු කර යවා ඇත. 

සාමාන්‍ය ස්‌ථාන මාරු ක්‍රමවේදය අනුව හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාගේ ස්‌ථාන මාරුව සිදු කෙරුණු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතාගේ ස්‌ථාන මාරුවීම්ද සිදු කිරීමට නියමිතව තිබුණේ එම සාමාන්‍ය ස්‌ථාන මාරු ක්‍රමය යටතේමය.

කෙසේ වෙතත් එක්‌නැලිගොඩ නඩු විභාගය පැවති ඉකුත් 30 වැනිදා අගතියට පත් එක්‌නැලිගොඩ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා අභිබවා අධිකරණය තුළදී කතා කිරීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කිරීමටද හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාව සිටි වයි. ආර්. බී. නෙළුම්දෙණිය මහතා පියවර ගෙන තිබිණ.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad