විද්‍යා නිසා ගුවන් යානය නතර කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

විද්‍යා නිසා ගුවන් යානය නතර කරලා

ජනප්‍රිය නිළි විද්‍යා බාලන් ගේ උපන් දිනය යෙදී ඇත්තේ ජනවාරි 01 දාටයි නව වසරක් එළඹෙද්දී ඇය, තම උපන් දිනය සමරන්නේ ඉතාමත් සතුටින්. එවැනි වාසනාවක් ලද විද්‍යාට 2016 වසරේ ඇගේ 37 වැනි උපන් දිනය සමරන්නට වරම් ලැබුණේ නැහැ. ඇය හදිසියේම අසනීප වුණා. 

ඇයට වැලඳී තිබුණේ වකුගඩුවල ආබාධයක්. විද්‍යා තම සැමියා වන සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ විදේශ සංචාරයකට පිටත් වෙද්දියි, මේ ආබාධය මතුවී ඇත්තේ. පසුගිය දා විද්‍යා සහ සිද්ධාර්ත්, අබුඩාබි ගුවන් තොටුපළින් ගුවන් යානයට නැඟුණේ එක්තරා විදේශයකට පියාසර කරන්න හිතාගෙනයි. 

කිසිවකුටවත් හෙළි නොකළ ඒ රටට මේ යුවළ යන්නට පිටත්වුණේ විද්‍යාගේ උපන් දිනය සහ 2016 නව වසර සමරන්නයි. ගුවන් යානයට ගොඩ වූ දෙදෙනාම අසුන් ගත්තත් විද්‍යාගේ මුහුණෙහි රැඳී තිබුණේ තරමක නොසන්සුන් ගතියක්.

විනාඩි කිහිපයකින් ගුවන් යානය ධාවන පථයෙහි ගමන් කරන්නට පටන් ගත්තා. ඒ අතරේ විද්‍යා දැඩි අපහසුවකින් සිටින බව සිද්ධාර්ත්ට වැටහුණා. ඔහු ඇගෙන් ඇයිදැයි විමසුවා. ඇය වේදනාවෙන් කෙඳිරි ගාන්නට පටන් ගත්තා. වේදනාව දැරිය නොහැකි වෙද්දී විද්‍යා කීවේ තමන්ගේ සිරුරේ පිටුපස දැඩි වේදනාවක් හටගෙන ඇති බවයි.

ඒ මොහොතේම ගුවන් යානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයකු විද්‍යාට ප්‍රථමාධාර දුන්නත් එයින් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඔහු වහාම කාර්ය මණ්ඩලයට මේ බව දැන්වූවා. ඒ වන විටත් ධාවන පථයේ ගමන් කරමින් තිබූ ගුවන් යානය හෙමින් හෙමින් වේගය අඩුකර නතර කළා. ඒ, විද්‍යා, ගුවන් තොටුපළේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු කරන්නටයි.

එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයකු පැවසුවේ ඇයගේ වකුගඩුවල ගල් ඇතිවී තිබෙන බවයි. ඒ අනුව විද්‍යාට වහාම ප්‍රතිකාර ලබා දිය යුතු නිසා ඇයව මුම්බායි වෙත ගුවනින් රැගෙන ගිය සිද්ධාර්ත්, ඉන් පසුව ඇය රෝහලට ඇතුළත් කළා. මේ වන විට විද්‍යා සුවය ලබා නිවෙසට පැමිණ සිටින බවයි ආරංචි.

vidya balan (Image-5) Vidya-Balan-Spicy-Photos-18 vidya-balan-wallpaper-2

No comments:

Post a Comment

Post Bottom Ad