ස්නොව්ඩන් අල්ලන්න වධක යානයක් ඩෙන්මාර්කයට ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 30, 2016

ස්නොව්ඩන් අල්ලන්න වධක යානයක් ඩෙන්මාර්කයට ඇවිත්

ස්නොව්ඩන් අල්ලන්න වධක යානයක් ඩෙන්මාර්කයට ඇවිත්
2013 ජුනි මසදී පලා යමින් සිටි ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සියේ හිටපු ඔත්තුසේවා නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් අල්ලා ගැනීම සඳහා CIA සංවිධානයේ රහසිගත වධ කඳවුරු වලට සම්බන්ධ ගුවන් යානයක් ඩෙන්මාර්කයට පැමිණ ඇති බවට හෙළිදරව් වී තිබේ.

අදාළ ලිපි ලේඛන ඩෙන්ෆි‍්‍ර නම් පුවත් වෙබ් අඩවියක් විසින් පළ කර ඇතැයි වාර්තා වේ. N977GA ලියාපදිංචි අංකය දරන ගල්ෆ්ස්ටී‍්‍රම් 5 වර්ගයේ ගුවන් යානය පිලිබඳ 2014දී මුලින්ම හෙළිවූ අතර යුරෝපයේ පිහිටා ඇති රහස්‍ය රැඳවුම් කඳවුරුවලට හොර රහසේ ත‍්‍රස්ත සැකකරුවන් ප‍්‍රවාහනය කිරීමට එය භාවිතා කර තිබේ.

ඩෙන්ෆ‍්‍රි වාර්තාවන්ට අනුව වොෂින්ටනයෙන් පිටත්ව ඇති මෙම ගුවන් යානය ස්කොට්ලන්තය හරහා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරට ගොඩ බැස ඇත. ස්නොව්ඩන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම සඳහා ඩෙන්මාර්කයේ මැදිහත්වීම අනාවරණය කරන ලෙසට ඩෙන්ෆි‍්‍ර වෙබ් අඩවිය විසින් 2015 අගෝස්තු මසදී තොරතුරු දැනගැනීමේ නිදහස පණත ප‍්‍රකාර ඉල්ලීම් ගණනාවක් සිදුකළ අතර ඒ පිළිබඳ පැකිලූනු ඩෙන්මාර්ක රජය අවසානයේදී යම් තොරතුරු ප‍්‍රමාණයක් මුදාහැර තිබේ.

මේ අතර ඩෙන්මාර්ක පොලිසිය, විදෙස් අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශයේ පිටුවහල් කිරිමේ කටයුතු භාරව සිටි නිලධාරියා අතර සිදුවූ සන්නිවේදනයන්ද වන අතර ඒවායේ කොටස් බොහොමයක් කපා දමා ඇතැයි වාර්තා වේ.  ඒවා අනාවරණය වුවහොත් ඇමරිකාව අතර සබඳතා පළුදු විය හැකි බව ඩෙන්මාර්ක රජයේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad