යෝජිත නව ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මුළුමනින්ම විරුද්ද බවත් එම ධුරයේ යම් යම් සංශෝධන පමණක් කිරීමට එකඟ විය හැකි බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පවසා තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්වින. එජාපය නියෝජනය කරමින් මීට සහභාගී වූ ඇමති මංගල සමරවීර මහතා ශ‍්‍රීලනිප නියෝජිතයින්ගේ මතය දැඩිව විවේචනය කරමින් ‘ඔයගොල්ලො මෛත‍්‍රී ජනපතිට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇනපු අය. ඔයගොල්ලන්ට සදාචාරයක්, අයිතියක් නෑ එහෙම කියන්න.
අපි තමයි ජනාධිපතිවරණයෙදි ගෙයින් ගෙට ගිහිල්ල මෛත‍්‍රී ජනපති කලේ’ පවසද්දී ඊට ආණ්ඩුවේ ශ‍්‍රීලනිප නියෝජිතයන් කරබා සිට කරුණු දැක්වීමක්ද කර නැත. මේ තත්වය යටතේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භයේදීම අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.
Sunday, January 10, 2016
Home
දේශපාලන පුවත්
අලූත් ව්‍යවස්ථාව පුදනකොටම ඇනකොන්ඩා.. විධායකය අහෝසි කරන්න විරුද්ද බව ශ‍්‍රිලනිපය නිල ලෙස දන්වයි…
අලූත් ව්‍යවස්ථාව පුදනකොටම ඇනකොන්ඩා.. විධායකය අහෝසි කරන්න විරුද්ද බව ශ‍්‍රිලනිපය නිල ලෙස දන්වයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment