බොදුබලය හා 'සිංහලේ' ගැන ඇත්ත ඩිලන්ත හෙළි කරයි (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

බොදුබලය හා 'සිංහලේ' ගැන ඇත්ත ඩිලන්ත හෙළි කරයි (AUDIO)

සිංහලේ පිළිබඳ තම සංවිධානය කතා කළේ 2014 සැප්තැම්බර් 28 වැනිදා පැවති සඟ සමුළුවේදී බවත් ඒ වනතුරු කිසිවෙකු ඒ පිළිබඳ කතා නොකල බවත් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා පැවසුවේය.

එම කරුණු විද්‍යාත්මක, ඓතිහාසික කරුණු මත තාර්කිකව ගොඩනැගූ තර්කයක් බවත් 1815දී උඩරට ගිවිසුම අනුව මෙරට හැදින්වූයේ සිංහලේ යනුවෙන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ රටේ නම ‘සිංහලේ‘ ලෙස නම් කරන ලෙසත් අනෙක් ජනවර්ග ‘සිංහලේ ජනවර්ග‘ ලෙස හදුන්වන ලෙසත් තමන් රජයෙන් ඉල්ලීමක් කළ බවත් එය ජාතිවාදී පදනමකින් ඇතිවූ දෙයක් නොවන බවත් ඩිලන්ත විතානගේ මහතා පැවසී ය.

ඒ සම්බන්ධයෙන් හැර ‘සිංහලේ‘ යනුවෙන් වර්තමානයේ යන ප්‍රචාරයන්ට තමන් සම්බන්ධ නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

එම හඩ පටය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad