ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙක් 'රහසිගතව සිරියාවට' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 4, 2016

ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙක් 'රහසිගතව සිරියාවට'

ශ්‍රී ලාංකිකයන් 36දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති.

දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

"දැනට තියන දත්තයන් අනුව තිස් හය දෙනෙක් පමණ - පවුල්වල උදවියත් ළමයිනුත් එක්ක තමයි තිස් හය දෙනා වෙන්නේ - සිරියාවට ගොස් ඇති බවට වාර්තාවක් ලැබිල තියෙනවා" යැයි ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඔවුන්ගෙන් පිරිසක් අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට බැඳී ඇතැයි සැලකෙන බවත් ඔහු පැවසී ය. "සියලුදෙනාම නෙවෙයි. තිස් හය දෙනාම නෙවෙයි. ඉන් කිහිපදෙනෙක් තමයි අයිඑස් සංවිධානයට බැඳුන බව ආරංචි." මේ පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වූයේ කවදාද, ඔවුන් පිටත්වූයේ එක්වරද, වෙන වෙනමද යනාදී විස්තර මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

කැරලිකරුවන් සමඟ සම්බන්ධවීම පිණිස ශ්‍රී ලාංකිකයන් සිරියාවට යාම සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පවුල් නමයකට අයත් ශ්‍රී ලාංකිකයන් 45 කට ආසන්න පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳීම පිණිස ගැටුම් පවතින සිරියාවට ගොස් ඇතැයි මීට ඉහතදී සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි.

ගලේවෙල පදිංචි 37 හැවිරිදි අබු ශූරා ශෛලානි පසුගිය ජුලි මාසයේ සිරියාවේ සටන්වලදී මියගිය බව මීට ඉහතදී මාධ්‍ය වාර්තා කළේය.

(බීබීසී)

No comments:

Post a Comment

Post Bottom Ad