වතු නිවාස පේළියක ගින්නක් - 80 ක් අවතැන් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 9, 2016

වතු නිවාස පේළියක ගින්නක් - 80 ක් අවතැන් (PHOTOS)

මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ වතු නිවාස පේළියක අද (09) ගින්නක් හටගෙන ඇති බවත් එමගින් වතු නිවාස 16 ක් සම්පූර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වී ඇති බවත් මස්කෙළිය පොලීසිය සඳහන් කරයි. 

එම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත. එය සෙසු වතු නිවාසවලට පැතිර යෑම වැළැක්වීමට මස්කෙළිය පොලීසිය හා වතු කම්කරුවන් එක් ව ක්‍රියා කර තිබේ.අදාල ගින්න හේතුවෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වී ඇත. 

එසේ ම එම ගින්නෙන් පවුල් 1000 කට අයත් සමාජිකයන් 80 දෙනෙක් අවතැන් වි ඇති බවත් ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කරන බවත් මස්කෙළිය පොලීසිය සඳහන් කරයි.ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඒ පිළිබඳ මස්කෙළිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

එම ගින්න හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් මස්කෙළිය බ්‍රවුන්සික් කෝවිලේ තාවකාලික ව රඳවා තැබීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබේ.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad