රාජ්‍ය සේවකයා 65 න් විශ්‍රාම යැවීමට යෝජනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 8, 2016

රාජ්‍ය සේවකයා 65 න් විශ්‍රාම යැවීමට යෝජනාවක්

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම පිළිබඳව තමන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

“කිසියම් රාජ්‍ය සේවකයෙකු අවුරුදු 60 න් විශ්‍රාම යැවීමේ තීරණයට මම විරුද්ධයි. එය රැකියා වියුක්තියට පිළියමක් විතරයි. අවුරුදු 65 දීත් සිය අධ්‍යාපන ඥානය බෙදාදුන් මහාචාර්යවරු කේම්බ්‍රිජ් සරසවියේ සිටිනවා. වයස යනකොට තමයි සිය දැනුම බෙදාදෙන්න පුළුවන්. 

හැබැයි අපි රාජ්‍ය සේවයේ හොඳම වයසේදී රාජ්‍ය සේවකයින් ගෙදර යවනවා. මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරනවා රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතුයි කියලා" යනුවෙන් ඒ මහතා අදහස් දක්වා සිටියේ ය.

අද (08) පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද 'සුව පියස' ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

No comments:

Post a Comment

Post Bottom Ad