කටුනායකදි ගුවන් යානයක් ඇතුලේ මීයෙක් පිස්සු නටලා – පැය 5ක මෙහෙයුමකින් මීයා මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 10, 2016

කටුනායකදි ගුවන් යානයක් ඇතුලේ මීයෙක් පිස්සු නටලා – පැය 5ක මෙහෙයුමකින් මීයා මාට්ටු

මීයෙක් නිසා ගුවන් යානයකට වෙච්ච ඇබැද්දියක් ගැන මීට කළින් ඔයාලා අහලා තියෙනවද? එකත් ලංකාවෙන්. අහලා නෑ නේ. එහෙනම් දැන් අපි ඒ කතාව කියන්නම්. 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ මදුරෙයි බලා ඊයේ දිනයේ පිටත්ව යාමට තිබූ ගුවන් යානයක මීයෙක් ඉඳලා තියෙනවා. ඒකත් ලංකාවේ ගුවන් සමාගමට අයත් ගුවන් යානයක.

දන්නවද මේ මීයා නිසා ගුවන් යානය පැය 5කට වඩා ප්‍රමාද වෙලා. මේ මීයව දැකලා තියෙන්නේ ඒ ගුවන් යානයේ හිටපු ගුවන් මගියෙක්මයි. ඔහු තමා කට්ටියට කියලා තියෙන්නේ මෙන්න මෙන්න ප්ලේන් එකේ මීයෙක් කියලා.

කොහොමහරි කට්ටිය ලොකු වෙහෙසක් වෙලා මීයව ගුවන් යානයෙන් එළියට අරගෙන. උදේ 7.30ට යන්න තිබුණ ගුවන් යානය දවල් 1.12 ට ගියාලු. මීයෙක් කළ හදියක් නේද ?

No comments:

Post a Comment

Post Bottom Ad