මන්ත‍්‍රීවරුන්ගේ රට සවාරියකට කෝටි 2ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

මන්ත‍්‍රීවරුන්ගේ රට සවාරියකට කෝටි 2ක්

උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් ඇතුළු නිලධාරීන් හැටකට අධික පිරිසක් විදෙස් සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට සූදානම් වනවා.

එ් සඳහා පළාත් සභා අරමුදලින් වැය කිරීමට අපේක්ෂිත බවට පැවසෙන මුදල රුපියල් දෙකෝටි පනස් පන්ලක්ෂයක්. මීට අමතරව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදීමට නියමිත බවද වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ දකුණු කොරියාවේ සිදු කරන මෙම සංචාරය අධ්‍යයන චාරිකාවක් බවයි.

කෙසේ වෙතත් මහජන මුදල් වැය කර මෙවැනි චාරිකාවල යෙදීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු මැද පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ති‍්‍ර වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad