2016 පාසල් විභාග දින දර්ශණය නිකුත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

2016 පාසල් විභාග දින දර්ශණය නිකුත් වෙයි

මේ වසරේ පැවැත්වීමට නියමිත පාසල් විභාග සඳහා වන දින වකවානු අද (22) ප‍්‍රකාශයට පත්කෙරුණා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 21 වෙනි ඉරිදා පැවැත්වෙනු ඇති.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන්නේ දෙසැම්බර් මස 06 වෙනිදායි. එය දෙසැම්බර් මස 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හැර සෙසු දිනවලදී විභාගය පැවැත්වෙන බවයි. 

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ අගෝස්තු මස 02 වෙනිදායි. එය අගෝස්තු මස 27වෙනි දින දක්වා පැවැත්වෙනවා. ඊට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන්නේ ඔක්තෝම්බර් මස 17 වෙනිදායි. එය 31 වෙනිදා දක්වා පැවැත්වෙනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad