කැළණියේ චන්ඩියාගෙන් පිම්මක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 25, 2015

කැළණියේ චන්ඩියාගෙන් පිම්මක්

9090

ධර්මපාලතුමා අපවත්වෙලා හුඟකාලෙකට පස්සෙ උන්නැහෙගෙ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න කියලා අපේ ආචාර්යතුමා සීන් එකට ආව…

දේශපාලන බලය නැතිවුණාට පස්සෙ ධර්මපාල ප්‍රතිපත්තියට බැස්ස මුන්නැහේ පසුගියදා තමන් උපන් ගම් පළාත වන රුහුණට ගියේ ධර්මපාල ප්‍රතිපත්ති ජනතාවට කියලා දෙන්නලු.

ඒත් රුහුණට ගිය මෙතුමා ජනතාවට කිව්වෙ වෙනස් කතාවක්. තමන්ට ධර්මපාල ප්‍රතිපත්ති ඉස්සරහටම ගෙනියන්න වුවමනා වුණත් ජනතාව ඉල්ලුවොත් ආයෙත් ඡන්ද කොරන්න වුණත් අකමැත්තක් නැහැ කියලයි එයා රුහුණෙ ජනතාවට කීවෙ.

එතනින් නොනැවතුණු මේ ධර්මපාල පිළිවෙත් රකින්නා කිව්ව ජනතාව කිව්වොත් තමන් දැන් ඉන්න පක්ෂය වුණත් මාරු කරන්න සූදානම්ය කියලත් හොඳ නිරවුල් පක්ෂයකට එකතු වෙන්න තමන් නොපැකිලෙන බවත්.
උන්නැහේගෙ මේ දේසපාලන කතාව පටන්ගත්ත විතරයි ධර්මපාල ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න පැමිණි අය හැරෙන තැපෑලෙන් පිටපත්වෙලා ගියාලු.

The post කැළණියේ චන්ඩියාගෙන් පිම්මක් appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad