ඒක මගේම කතාව වගේ | උපේක්ෂා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 30, 2015

ඒක මගේම කතාව වගේ | උපේක්ෂා

උපේක්ෂා ස්වර්ණමාලි ගැන මේ දවස්වල කවුරුත් කතා බහ කරන්නේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටය නිසයි. උපේක්ෂාගේ රංගනයන් ඇතුළත් මේ චිත්‍රපටය ලබන මස තිරගතවීමට නියමිතයි. 

එහි උපේක්ෂා රඟපාන්නේ අපූරුතම චරිතයක්. මේ චිත්‍රපටය උපේක්ෂාගේ ජීවිතයටත් ඉතා සුවිශේෂත්වයක් එක් කරන බව අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන ඇගෙන්ම විමසා බලන්නට අපි කටයුතු කළා.
‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ ‘ඉෂංකා ‘නැමති තරුණියගේ චරිතය. ඇය විදේශයක ඉපදිලා ලංකාවට ඇවිත් ලංකාවට බොහොම ලැදිව ජීවත්වන තරුණියක්. 

හරිම ස්වාධීනව ඉන්න චරිතයක්. මේ චරිතය මම සැබෑ දිවියේ දී අත්විදි සිදුවීම් හා සමානයි. එය හරියට මගේම කතාව වගේ කියලයි මට හිතෙන්නේ. මම එහි අධ්‍යක්ෂකවරිය ඉනෝකා සත්‍යාංගනීට ස්තූතිවන්ත වෙනවා මෙවැනි චරිතයකට මාව තෝරා ගැනීම ගැන. මේ චිත්‍රපටය විවිධ බාධක මැද තමයි රූගත වුණේ.

මේ චරිතය නිරූපණය කරන අතරවාරයේ මට අනතුරක් සිදුවී මගේ මුහුණේ ශල්‍යකර්මයක් පවා කරන්න සිදු වුණා. මම හිතුවා මගේ මුහුණේ ඇති වුන කැළල නිසා මට චිත්‍රපටය නැති වෙයි කියලා. ඒත් ඉනෝකා අක්කා මාවම චිත්‍රපටයට තෝරා ගත්තා. ඇත්තටම මේ චිත්‍රපටය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්.’

making of cindarella goissp(79) upeksha swarnamali in Cindrella 10 making of cindarella goissp (7) 02_103458 10_104271 09_103878

No comments:

Post a Comment

Post Bottom Ad