‘මහින්දව මට මූණට මූණ හම්බුණා‘ - හරීන් හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

‘මහින්දව මට මූණට මූණ හම්බුණා‘ - හරීන් හෙළි කරයි (VIDEO)

‘මහින්දව මට මූණට මූණ හම්බුණා‘ - හරීන් හෙළි කරයි (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට මුහුණට මුහුණ හමු වූ බවත් ඒ අවස්ථාවේ දී තමා ඉවත බලාගෙන ගිය බවත් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) ඌවපරණගම පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියකදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ හරීන් ප්‍රනාන්දු මහතා, 

"ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ උන්නැහේ ආවා. මහින්ද රාජපක්ෂ උන්නැහේ මාව හම්බුණා මූණට මූණ. බණ්ඩාරවෙල දී මම හපුතලේ පැත්තට එනවා. එයා බදුල්ලට එනවා. එතකොට මම දැක්කා. මාව දැකලා අර මට ගිය පාර කෝපි කෝප්පයක් බීලා පොඩි ප්‍රශ්නයක් උනානේ. මං ඒ නිසා මෙදාපාර දැක්ක ගමන් අනික් පැත්ත බැලුවා. නිකං හරි අඬහැහුවනම් බැහැල යන්න වෙයිනේ. පස්සේ මම පොඩ්ඩක් අනික් පැත්ත බලාගෙන යනකොට ඇඟිල්ල දික් කරලා මොනා ද මට කිව්වා. ෂුවර් එකටම කියන්න ඇත්තේ මූ තමයි මාව කෑවේ කියලා." යනුවෙන් ඔහු පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

No comments:

Post a Comment

Post Bottom Ad