කුරුණෑගල මහින්දගේ කාර්යාලයේ සිටි බුද්ධි අංශ කොස්‌තාපල් අල්ලා ගත් හැටි (VIDEO)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

කුරුණෑගල මහින්දගේ කාර්යාලයේ සිටි බුද්ධි අංශ කොස්‌තාපල් අල්ලා ගත් හැටි (VIDEO)  

කුරුණෑගල මහින්දගේ කාර්යාලයේ සිටි බුද්ධි අංශ කොස්‌තාපල් අල්ලා ගත් හැටි (VIDEO)  

කුරුණෑගල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය තුළ සැකකටයුතු ලෙස සේවය කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ කොස්‌තාපල්වරයකු එම කාර්යාලයේ සිටි පිරිස්‌ විසින් අල්ලා ඊයේ (02) කුරුණෑගල පොලිසියට භාරදී ඇතැයි වාර්තාවේ.

සැකකටයුතු පුද්ගලයකු කාර්යාලයේ සේවය කරන බවත් ඔහුගේ ඉනේ ගිනි අවියක්‌ තිබෙන බවත් කාර්යාලයේ පිරිස්‌ විසින් දැක ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ එම ස්‌ථානයෙන් ඔහු පලාගොස්‌ ඇත. 

පසුව කාර්යාලයේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් පලා යමින් සිටි පුද්ගලයා අල්ලාගෙන පරීක්‌ෂා කිරීමේදී ඔහු සතුව තිබී පොලිස්‌ හැඳුනුම්පත හමු වී ඇත. පසුව ඔහු ගැන හිටපු නියෝජ්‍ය ඇමති සාලින්ද දිසානායක මහතාට දැනුම් දී ආරක්‌ෂක නිලධාරීන් මාර්ගයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට භාරදී ඇත.

කුරුණෑගල පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකාර කොස්‌තාපල්වරයා රාජ්‍ය බුද්ධි ඒකකයට අයත් කුරුණෑගල පොලීසියේ රාජකාරි කළ අයකු බව හඳුනාගෙන ඇත. පොලිසිය ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී කුරුණෑගල කාර්යාලයේ දේශපාලන කටයුතුවල ඔහු නිරතව ඇතැයිද යන්න සොයා බලන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

සැකකාර කොස්‌තාපල්වරයා දින කිහිපයක්‌ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අතුපතු ගෑම ඇතුළු විවිධ සේවාවන් කර ඇති බවත් එම ස්‌ථානයට ඔහු පැමිණ ඇත්තේ හිතවකුගේ මාර්ගයෙන් බවත් හෙළි වී තිබේ.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා පොලිසියට භාරදීමෙන් පසු හිටපු නියෝජ්‍ය ඇමති සාලින්ද දිසානායක මහතා විසින් පැමිණිල්ලක්‌ද කර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad