මුස්ලිම් කොංග්‍රසයේ කාන්තාවන් පිරිසක් සන්ධානයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

මුස්ලිම් කොංග්‍රසයේ කාන්තාවන් පිරිසක් සන්ධානයට 

මුස්ලිම් කොංග්‍රසයේ කාන්තාවන් පිරිසක් සන්ධානයට 

කාත්තන්කුඩියේ කාන්තාවන් 500කට අධික පිරිසක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

ඔවුන්ගෙන් මුස්ලිම් කොංග්‍රසයේ කාන්තා අංශ නායිකාව හා දේශපාලන කණ්ඩායම් නියෝජිතවරියවන සල්මා අමීර් හම්සාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වී ඇත.

සන්ධානයේ ප්‍රධාන අපේක්ෂක හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතාට පූර්ණ සහයෝගය ලබා දෙන බව සල්මා අමීර් මහත්මිය සඳහන් කළා ය.

ඇය මේ බව සඳහන් කළේ කාත්තන්කුඩි හිස්බුල්ලාහ් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

මඩකලපුව - ජවුෆර්කාන්

No comments:

Post a Comment

Post Bottom Ad