යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන්ට විශේෂ මධ්‍යස්ථානයක් - අගමැති  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2015

යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන්ට විශේෂ මධ්‍යස්ථානයක් - අගමැති 

යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන්ට විශේෂ මධ්‍යස්ථානයක් - අගමැති 

යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන් නගා සිටුවීම පිණිස උතුරු ප්‍රදේශය තුළ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවන බවත් ආබාධිතයින් වෙනුවෙන්ද සහන සලසන අතරතුර යුද සමයේදී අතුරුදහන් වූවන් ගැනද සොයාබලන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූවේ පසුගිය 31 වැනිදා වවුනියාවේ ළමා උද්‍යානයේ පැවති ජන හමුවක් අමතමිනි.

මෙවර මහමැතිවරණය වෙනුවෙන් උතුරේ ජනතාව දැනුවත් කිරීමට පැමිණි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වවුනියාව, මන්නාරම, මුලතිවු සහ යාපනය යන පළාත්වල ජනහමු කිහිපයක්ම පවත්වා උතුරේ ජනතාවට රටේ වර්තමාන තත්ත්වය පිළිබදව සහ නව රජය බලයට පත් වූ පසුව සිදුකරන ලබන ක්‍රියාදාමයන් විස්තර කළේය.

රටේ පළාත් අටකින්ම බහුතර බලයක් එක්සත් ජාතික සන්ධානයට හිමිවන බව කී අග්‍රාමාත්‍යවරයා වන්නියෙන් හා උතුරෙන් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම බහුතර බලයකින් යුත් ශක්තිමත් රජයක් පිහිටුවීමට අවශ්‍ය බව පැවසීය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ට තවත් නිවාස 13,000 ක් අවශ්‍යව ඇති බවත් ඉදිරි වර්ෂ පහ ඇතුළත එම නිවාස ලබාදීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

උතුරු පළාත ඇතුලු සෙසු පළාත්වල වකුගඩු රෝගය බහුලව පැතිර යන නමුත් රජයේ රෝහල්වල රුධිර කාන්දු පෙරණ උපකරණ ඇත්තේ  260ක් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා නව රජයේ පලමු අදියරය යටතේ එම උපකරණ සංඛ්‍යාව දහසක් දක්වා වැඩිකරන බව පැවසීය.

(වවුනියාව - දිනසේන රතුගමගේ)  

 

No comments:

Post a Comment

Post Bottom Ad