'මට මැති ඇමති කම් අවශ්‍ය නැහැ' - ෆොන්සේකා කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2015

'මට මැති ඇමති කම් අවශ්‍ය නැහැ' - ෆොන්සේකා කියයි

'මට මැති ඇමති කම් අවශ්‍ය නැහැ' - ෆොන්සේකා කියයි

තමන්ට පුද්ගලිකව තනතුරු, මැති ඇමතිකම් අවශ්‍ය නැති බවත් ඒවා අවශ්‍ය නම් ප‍්‍රබල පක්ෂ වලින් ඉදිරිපත්වීමට අවස්ථාව තිබූ බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) මාවනැල්ල, අරණායක, රඹුක්කන නගරවල පැවති ජන හමුවලට එක්වෙමිනි.

“අපට අවශ්‍ය නැහැ පාර්ලිමේන්තු යන්න, මට පුද්ගලිකව අවශ්‍යතාවයක් නැහැ මන්ත‍්‍රී ධුර, කොහෙත්ම මට ඒ සඳහා තනතුරු අවශ්‍ය නැහැ. මට පුද්ගලිකව අවශ්‍ය නැහැ මැති ඇමති කම්, ඒවා ගන්න ඕනෑ නම් ප‍්‍රබල පක්ෂ වලින් අපට එන්න වුනත් තිබුණා. ජනතාව හරි මග ගෙනයන්න ඕනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ” යැයි ෆොන්සේකා මහතා පැවසී  ය. 

“මේවා ජනතාව තුළ ඇති වෙච්ච දවසක අපි මෙ වේදිකාවලින් බැහැලා යනවා. මේවාගේ රැදි සිටිමින් වරප‍්‍රසාද ලබා ගනිමින් වැජබෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලනවා මේ දේ හොඳින් තේරුම් ගෙන වැඩ කරන්න කියලා. මේ දේ ඔබලා තේරුම් ගත්ත ගමන් දේශපාලඥයින් ඔබ ඉදිරියේ දණ ගහනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

No comments:

Post a Comment

Post Bottom Ad