'අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්නැයි රවී පොලීසියට දුරකතන ඇමතුම් දීලා' - තිලංග සුමතිපාල  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2015

'අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්නැයි රවී පොලීසියට දුරකතන ඇමතුම් දීලා' - තිලංග සුමතිපාල 

'අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්නැයි රවී පොලීසියට දුරකතන ඇමතුම් දීලා' - තිලංග සුමතිපාල 

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (31) මේ රටේ භීෂණයක් ඇති කළ බවත් මෙම ගැටුම හට ගන්නා අවස්ථාවේ විදේශගතව සිට ජනවාරි 08 වැනිදායින් පසු මෙරටට පැමිණි ප්‍රධාන පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු වූ ආමි සම්පත් හා සංඛ යන පුද්ගලයින් දෙදෙනා සිටි බවත් එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(01) කොළඹ එජනිස පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ආමි සම්පත් යන අය සිද්ධිය සිදුවී එදින පස්වරුවේ පතුරම් හා ආයුධ සහිත වෑන් රියක් සමඟ අත්අඩංගුවට පත්වූ බවත්  මෙම සිදුවීමත් සමග රවී කරුණානායක මහතාගේ සන්නද්ධ පිරිස් ගැන පොලීසිය වහා සොයා බැලිය යුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21දෙනා නිදහස් කරන්නැයි රවී කරුණානායක මහතා පොලීසියට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවත් තිලංග සුමතිපාල මහතා පැවසී ය.

රවී කරුණානායක මහතා පොලිස් බලතල අතට අරගෙන වැඩ කරන බවත් මේක තමා ඔවුන්ගේ යහපාලනය බව පැවසූ සුමතිපාල මහතා කෙසේ වෙතත් පාතාල කල්ලි අතර ඇතිවූ ගැටුම වහා සොයා බලා අදාල පුද්ගලයින් නීතියේ රැහැනට ගෙන එන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ දැන් රටේ තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය නොව ජෝන් අමරතුංග පාලනය කරන ජෝන් පොලිස් බවයි. 

(බම්බලපිටිය - ඉන්දික මනෝජ්)

 

No comments:

Post a Comment

Post Bottom Ad