ඉදිරි මහ මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වන දිස්ත්‍රික්කය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් නිල වශයෙන් හෙට (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී හිටපු ඇමති ටීබී ඒකනායක මහතා පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ඊයේ (03) රාත්‍රියේ දී අනුමැතිය ලබා දුන් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. මේ අතර නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයන් හෙට (06) යළි රැස් වීමට නියමිත අතර ඔවුන් ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අදාළ වාර්තා සකස් කර ඇත.

No comments:
Post a Comment