ලේක් හවුස් වෙත ලක්ෂගණන් වැටුප් ලබන පිරිසක් අළුතින්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

ලේක් හවුස් වෙත ලක්ෂගණන් වැටුප් ලබන පිරිසක් අළුතින්.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බව දක්වමින් සේවකයන් සිය ගණනක් ස්ව කැමැත්තෙන් විශ්‍රාම යැවූ ලේක්හවුස් පාලනාධිකාරිය විසින් ලක්ෂගණන් වැටුප් ලබන පිරිසක් අළුතින් සේවයට බඳවාගෙන ඇති බව වාර්තා වේ. 

ප්‍රධාන වශයෙන්ම සන්ඩේ ඔබ්සර්වර් සහ ඩේලි නිවුස් පුවත් පත් දෙකට බඳවාගෙන ඇති මෙම පිරිසට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මෙන්ම පුවත්පත්වල පිටු සැකසුම් තත්වය ඉහල නැංවීම සඳහා පත් කළ නිර්මාණ ශිල්පියෙකුද වේ. 

කෙසේ වෙතත් වාර්තාවන අන්දමට නම් සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතට බඳවාගෙන ඇති එක් පළපුරුදු මාධ්‍යවේදිනියකගෙන් නම් රුපියල් ලක්ෂයකට සරිලන සේවාවක් ආයතනය වෙනුවෙන් ඉටු නොවන බව කාගේත් අදහසයි. ඇය විසින් එක් මාසයක් තුළ, සතිපතා පුවත් පතට එක් ලිපිය බැගින් සති හතරක් තුළ ලිපි හතරක් ලියා ඇති අතර ඒ අනුව එක් ලිපියක් සඳහා රුපියල් 25000ක් ලේක් හවු ආයතනය වැය කර ඇති බව කියවේ. 

තවද පුවත් පත් කිහිපයක්ම සඳහා පිටු සැකසුම් ශිල්පියෙකු වශයෙන් බඳවාගෙන ඇති අයෙකුද සඳහාන් අනෙකුත් පිටු සැකසුම් ශිල්පීන්ගේ පැත්තෙන් බැලූ විට අසාධාරණ ලෙස ගෙවීම් සිදු කරන බවටද චෝදනා එල්ල වේ. මේ අයුරින් මෙම පිරිස වෙත විශාල ලෙස ගෙවීම් කිරීම ඔවුන්ගේ පළපුරුද්ද සහ හැකියාව මත සාධාරණ වුවත් ලේක් හවුස් පාලනාධිකාරියට අමතක වූ එක් දෙයක් වනුයේ එවැනිම පළපුරුදු මෙන්ම දක්ෂ විශාල පිරිසක එම ආයතනය තුළම ඉතා සුළු වැටුපකට දිවා රෑ නොබලා සේවය සපයන බවයි. 

උදාහරණයක් ලෙස එක හා සමාන සේවයක් සිදු කරන දෙදෙනෙකු ගත හොත්, ඔවුනතරින් එක් අයෙකු හට රුපියල් ලක්ෂයක වැටුපක් හිමි වන විට අනෙකාට රුපියල් විසි දහසකටත් අඩු වැටුපක් හිමි වීම අසාධාරණ නොවන්නේද? අළුතින් පැමිනි පුද්ගලයා පැරණි සේවකයා මෙන් පස් ගුණයක සේවයක් ඉටු කරන්නේද? ලේක් හවුස් ආයතනය මේ වන විට එහි නව සභාපති වන කාවන් රත්නායක මහතා යටතේ සීග්‍ර දියුණුවක් කරා යමින් තිබෙන අතර එවන් මොහොතක පැරණි සේවකයන්  තුළ කළකිරීමක් ඇති කරවන මෙවැනි දෑ ආයතනයේ ප්‍රගමණය වෙනුවෙන් ධනාත්මක ලෙස බල නොපානු ඇත.

ලේක් හවුස් ආයතනය වෙත අංශු මාත්‍රයක සේවයක් සපයනු නොලබන කිහිප දෙනෙකුද කතෲවරුන්ට හිමි වරප්‍රසාද ලබමින් ආයතනයේ දියුණුවට බාධා කරමින් සිටින බවද මේ මොහොතේ නොකියාම බැරිය. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින් හිටපු දිනමිණ කතෲ ගාමිණී ජයලත් සහ හිටපු සන්ඩේ ඔබ්සර්වර් කතෲ දිනේෂ් වීරවංශ, පිටින්  හොඳ මූණ පෙන්වමින් සභාපති කාවන් රත්නායක, නව ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්වර් කතුවරුන්ගේ මෙන්ම නව අධ්‍යක්ෂ මණ්ඩලයේද නැති වැරදි තැන් තැන් වල කියමින් යන බව දන්නෝ දනිති. 

Source :  LNW

No comments:

Post a Comment

Post Bottom Ad