කොටහේන වෙඩිතැබීම ගැන රවී කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2015

කොටහේන වෙඩිතැබීම ගැන රවී කතා කරයි

කොටහේන වෙඩිතැබීම ගැන රවී කතා කරයි

අද (31) පෙරවරුවේ තම ආධාරකරුවන් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ පොලිස්පති අගමැති සහ ජනාධිපති මැදිහත් වී සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශණයක් දැනටමත් ආරම්භ කර ඇති බව යි.

ඇසින් දුටු සාක්ෂි ද පවතින බව සඳහන් කළ ඔහු පවසා සිටියේ කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් තම ආධාරකරුවන්ට වෙඩි තැබූ බව යි.

සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් කෙසේ හෝ නීතිය ඉදිරියට රැගෙන ඒමට කටයුතු කරන බව පැවසූ කරුණානායක මහතා වැටිදුරටත් අවධාරණය කළේ තමා බය නැති බවත් මෙවන් වෙඩිතැබීම්වලින් තම ගමන නැවැත්වීමට නොහැකි බවත් ය.

ඡායාරූප සහ වීඩියෝව පහතින්

සබැඳි පුවත් -

රවීගේ පිරිසකට වෙඩි - කතක් මරුට - 12කට තුවාල - 2කට බරපතලයි (VIDEO)
කොටහේන වෙඩි තැබීමේ ඡායාරූප මෙන්න (PHOTOS)

No comments:

Post a Comment

Post Bottom Ad