කොටහේන වෙඩිතැබීමට ආ බවට සැක කරන මෝටර් රථයක් සොයාගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 31, 2015

කොටහේන වෙඩිතැබීමට ආ බවට සැක කරන මෝටර් රථයක් සොයාගැනේ

කොටහේන වෙඩිතැබීමට ආ බවට සැක කරන මෝටර් රථයක් සොයාගැනේ

කොටහේන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු මෝටර් රථයක් සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

පොලීසිය දියත් කළ මෙහෙයුමකින් පසු එම මෝටර් රථය බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණය අසල නවතා තිබිය දී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයට මීටර් 600ක් පමණ දුරකින් වන අතර රථය තුළ තිබී T - 56 ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් ගැබක් සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි

බ්ලූමැන්ඩල් ප්‍රදේශය දෙසින් පැමිණි අංක තහඩු රහිත කළු පැහැ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක සිටි හතර දෙනෙකු ඉන් පිටතට බැස T - 56 වර්ගයේ ගිනි අවි උපයෝගී කර ගනිමින් වෙඩි තැබීම සිදුකළ බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළහ.

මේ වන විටත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති නමුත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණවලට සහය වන බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

සබැඳි පුවත් -

රවීගේ පිරිසකට වෙඩි - කතක් මරුට - 12කට තුවාල - 3කට බරපතලයි (VIDEO)
කොටහේන වෙඩි තැබීමේ ඡායාරූප මෙන්න (PHOTOS)
කොටහේන වෙඩිතැබීම ගැන රවී කතා කරයි

No comments:

Post a Comment

Post Bottom Ad