හිරූ රනිල්ට පායයි- රේනෝ රනිල් වෙනුවෙන් කඩේ යා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

හිරූ රනිල්ට පායයි- රේනෝ රනිල් වෙනුවෙන් කඩේ යා

වහාම එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සහ තවත් තොරාගත් එජාප ඇමතිවරුන් වෙනුවෙන් හිරූ එෆ්.එම් සහ හිරූ ටිවි නාලිකාවල සියයට 60ක කාලයක් වෙන් කරන ලෙසට හිරූ මාධ්‍ය අධිපති රේනෝ සිල්වා නියෝග කර තිබෙන බව Asia Broadcasting Corporation Private limited (ABC Network) අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව සැම ප්‍රවෘත්ති විකාශයකම රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක වන අන්දමින් ප්‍රවෘත්ති පලකිරිම සහ වැඩසටහන් වලදි නම්කරන ලද එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකුට වැඩි ඉඩක් ලබා දිමට කටයුතු කරන ලෙසට නියෝග ලබාදි තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරියේදි පැවැත්විමට නියමිත මැතිවරණයට හිරූ මාධ්‍ය අධිපති රේනෝ සිල්වා  කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදිමට නියමිතව සිටි.

lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad