පළාත් සභා නාමයෝජනා 30% ක්‌ කාන්තාවන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

පළාත් සභා නාමයෝජනා 30% ක්‌ කාන්තාවන්ට

පළාත් සභා මැතිවරණවලට තරග කිරීමේදී අපේක්‌ෂක නාමයෝජනා ලැයිස්‌තුවල කාන්තා නියෝජනය සියයට 30 දක්‌වා වැඩිකිරීමට රජය තීරණය කර ඇත.

දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 25 කින් වැඩිකීරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ සඳහා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් සකස්‌ කෙරේ.

ඒ අනුව පළාත් සභා මැතිවරණයකට තරග කරන සෑම දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් නාමයෝජනා පත්‍රයේ සඳහන් මුළු අපේක්‌ෂක සංඛ්‍යාවෙන් සියයට 30 කට නොඅඩු ප්‍රමාණයක්‌ කාන්තාවන්ගෙන් සමන්විත විය යුතු වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad