සල්මන්ට හොලිවුඩයෙන් ඇරයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

සල්මන්ට හොලිවුඩයෙන් ඇරයුමක්

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඇපමත සිටින සුපිරි ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ හැකියාවන් සුපිරි හොලිවුඞ් නළුවෙකු වන සිල්වෙස්ටර් ස්ටැලෝන් විසින් අගය කරනු ලැබ තිබෙනවා. 

රම්බෝ චිත‍්‍රපට මාලාව ඔස්සේ ලොවපුරා අතිශය කීර්තියක් දිනාගත් ස්ටැලෝන් පවසන්නේ සල්මන් ඛාන් යනු හොද හදවතක් ඇති දක්‍ෂතා සපිරි විශිෂ්ඨ නළුවෙකු බවයි. තමා සමග කි‍්‍රයාදාම චිත‍්‍රපටයක රගපෑම සදහා සල්මන්ට ආරාධනා කරන බවද ඔහු පවසා තිබෙනවා. 

2002 වසරේ බීමත්ව සහ අපරික්‍ෂාකාරිව රිය පදවා පුද්ගලයෙකු මරණයට පත් කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සල්මන් ඛාන් ඉකුත්දා වරදකරු කෙරුණා. 

එහිදී ඔහුට වසර 5 ක සිරදඩුවමක්ද නියම වුණා. පසුව ඉන්දීය මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොණුකළ සල්මන් එහි තීන්දුව ලැබෙන තෙක් ඇපමතව නිදහස්ව සිටිනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad