මුලතිව් එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

මුලතිව් එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව තහනම්

එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ.

ඒ අනුව මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමේ උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ හෙට (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝගයක් නිකුත් කළේය.

හෙට (18) දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක් කොටි සැමරුමක් සිදු කිරීමට නියමිත බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

තහනම් සංවිධානයක් සැමරීමෙන් මහජන සාමය කඩවීමක් ඇති විය හැකි බව පොලිසිය පැවසී ය. පොලිසියේ ඉල්ලීම සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත්වරයා එම තහනම් නියෝගය නිකුත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad