කිම් කර්ඩයිෂන් accident වෙලා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

කිම් කර්ඩයිෂන් accident වෙලා!


ජනප්‍රිය හොලිවුඩ් නිළි කිම් කර්ඩයිෂියන් පසුගියදා රිය අනතුරකට මුහුණ දී ඇති බව වාර්තා වෙනවා. ඇය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ “Keeping Up with the Kardashians” රූපවාහිනී වැඩසටහනේ මැයි 31 වෙනදාට විකාශය කිරීමට නියමිත කතාංගයේ රූපගත කිරීම් සිදුවන අතරතුරදී.

කිම් සහ ඇගේ පවුලේ සාමාජිකයන් මොන්ටානා ප්‍රදේශයේ හිමෙන් වැසුණු මාවතක ඔවුන්ගේ කාරය පදවාගෙන යන විටයි එම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා ඇත්තේ.

කෙසේ නමුත් කිම් ඇතුළු පවුලේ කිසිවෙකුට අනතුර නිසා කිසිදු හානියක් සිදු වී නැති නමුත් තමන්ට මුහුණ පෑමට සිදු වූ බිහිසුණු අත්දැකීම නිසා බියට පත් මේ සුපිරි හොලිවුඩ් තරුව හඬා වැටුණා.

අනතුර සිදුවූ මොහොත කැමරාවල සටහන් වූ අයුරු පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad