විශේෂ ගුවන් හමුදා යානයක් නේපාලයට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

විශේෂ ගුවන් හමුදා යානයක් නේපාලයට!

විශේෂ ගුවන් හමුදා යානයක් නේපාලයට!
නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නැවත  ගෙන්වාගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට සියලු කටයුතු  සූදානම්ව ඇති බව ශ්‍රී  ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
120 ක් පමණ වූ සරසවි සිසුන් හා කත්මණ්ඩු නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නිරුපද්‍රිතව සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති W.M සෙනෙවිරත්න මහතා රජයට දැනුම් දී   ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ පහසුව සඳහා වෙනම දුරකථන මාර්ගයක් ස්ථාපිත කිරීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර ඇත.
එහි අංකය වන්නේ 009779851020057 ය. අද උදෑසන නේපාලයේ ඇති වූ බිහිසුණු භූමිකම්පාව හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 1000 ඉක්මවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad