හිටපු ඇමතිවරු ඇතුළු තවත් ප්‍රබලයින් 05ක්‌ ළඟදීම අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

හිටපු ඇමතිවරු ඇතුළු තවත් ප්‍රබලයින් 05ක්‌ ළඟදීම අත්අඩංගුවට

හිටපු ඇමතිවරු ඇතුළු තවත් ප්‍රබලයින් 05ක්‌ ළඟදීම අත්අඩංගුවට

පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතුවලදී හෙළි වන තොරතුරු අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් ප්‍රබලයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමට අදහස්‌ කරන පිරිස අතර හිටපු ඇමැතිවරුන් මෙන්ම සුවිශේෂී ගණයේ රජයේ නිලධාරීන් ද සිටින බව ඇමතිවරයා පෙන්වා දෙයි.

දැනට ප්‍රශ්න කර ගෙන යන සැකකරුවන්ගෙන් වැඩි දෙනකුම නීතියෙන් වැරදිකරුවන් බවට හැඟෙන තොරතුරු ලැබෙන බවත් මේ අනුව පසුගිය රජයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව වැලනොකැඩී පොලිසියට තොරතුරු ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad