“ අනේ මාව නිදහස් කරන්න මම තාමත් හිරේ”/ සිගිරියේ කුරුටු ගෑ දියණිය හඬා වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

“ අනේ මාව නිදහස් කරන්න මම තාමත් හිරේ”/ සිගිරියේ කුරුටු ගෑ දියණිය හඬා වැටේ

සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණියගේ පවුලේ උදවිය

තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කරයි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නමක් කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි ශ්‍රී උදයා නමැත්තියට දෙවසරක සිරදඬුවම් නියම කෙරිණි.

දියණිය බැලීම සඳහා ඉකුත් 23 වැනිදා තමා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමන්ව නිදහස් කර ගන්නා ලෙස ඇය අඬා වැළපුණු බවද ඉතා සංවේදී ලෙස මව පවසයි.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ ඇයට ජනාධිපති සමාව හිමි වූ බවට දැන ගන්නට ලැබුණත් ඊට අදාළ නිළ ලිපි ලේඛන මෙතෙක් තම භාරයට ලැබී නොමැති බවය.

සාමාන්‍යෙයන් මෙවැනි ජනාධිපති සමාවක් ලැබෙන අවස්ථාවකදී ඊට අදාළ නිල ලිපි ලේඛණ අධිකරණ අමාත්‍යාංශය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබීම සිදු වේ. මේ සම්බන්ධයෙන් පවතින තවත් තොරතුරක් වන්නේ සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණිය අදාළ නඩු තීන්දුව ඇපිල් කිරීම නිසා එය ඉවත් කරගන්නා තෙක් අදාළ ජනාධිපති සමාව සම්බන්ධයෙන් සිදු කෙරෙන කටයුතු ප්‍රමාද වෙන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad