“අනේ මාව නිදහස් කරන්න මම තාමත් හිරේ”/ සීගිරියේ කුරුටු ගෑ දියණිය හඬා වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

“අනේ මාව නිදහස් කරන්න මම තාමත් හිරේ”/ සීගිරියේ කුරුටු ගෑ දියණිය හඬා වැටේ

සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණියගේ පවුලේ උදවිය

තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කරයි.

සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නමක් කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි ශ්‍රී උදයා නමැත්තියට දෙවසරක සිරදඬුවම් නියම කෙරිණි.

දියණිය බැලීම සඳහා ඉකුත් 23 වැනිදා තමා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමන්ව නිදහස් කර ගන්නා ලෙස ඇය අඬා වැළපුණු බවද ඉතා සංවේදී ලෙස මව පවසයි.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ ඇයට ජනාධිපති සමාව හිමි වූ බවට දැන ගන්නට ලැබුණත් ඊට අදාළ නිළ ලිපි ලේඛන මෙතෙක් තම භාරයට ලැබී නොමැති බවය.

සාමාන්‍යයෙන් මෙවැනි ජනාධිපති සමාවක් ලැබෙන අවස්ථාවකදී ඊට අදාළ නිල ලිපි ලේඛණ අධිකරණ අමාත්‍යාංශය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබීම සිදු වේ. මේ සම්බන්ධයෙන් පවතින තවත් තොරතුරක් වන්නේ සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණිය අදාළ නඩු තීන්දුව ඇපිල් කිරීම නිසා එය ඉවත් කරගන්නා තෙක් අදාළ ජනාධිපති සමාව සම්බන්ධයෙන් සිදු කෙරෙන කටයුතු ප්‍රමාද වෙන බවත්ය.

මඩකලපුවේ සිත්තන්ඩි ග්‍රාමයේ පදිංචි විසිහත් හැවිරිදි සින්නතම්බි උදය ශ්‍රී තවත් කණ්ඩායමක් සමඟ විනෝද චාරිකාවක යෙදී සිටියදී ඓතිහාසික සීගිරිය බැලීමට ගිය අවස්ථාවේ නොදැනුවත් කමින් කැටපත් පවුරේ සිය නම ලියූ බවයි පැවසෙන්නේ.

සින්නතම්බි උදය ශ්‍රී එම වරද කිරීම සම්බන්ධයෙන් දඹුල්ල අධිකරණය ඉදිරියේ ඇයට එරෙහිව නඩුවක් පැවරුණු අතර එහිදී ඇයට දෑවුරුදු සිර දඬුවමක් නියම විය. එහෙත් ඇය නොදැනුවත් කමින් කළ වරදට සමාවක් දිය යුතුව ඇති බව ජාති හෝ ආගම් භේදයෙන් තොරව බොහෝ කණ්ඩායම් පෙන්වා දුන්හ.

සින්නතම්බි උදය ශ්‍රී සමඟ සීගිරි ගොස් ඇය කැටපත් පවුරේ නම කුරුටු ගාද්දී ඒ ළඟම සිටි තවත් තරුණියක්  අදහස් දක්වමින් පවසා සිටියේ එවැනි තහනමක් ගැන කිසිසේත්ම දැන නොසිටි බවත් කිසිවකු එවැනි තහංචියක් පිළිබඳව ඔවුන්ට දැනුම් නොදුන් බවත්ය. එසේම කැටපත් පවුරේ සිංහල සහ ඉංග්‍රීසියෙන් වෙනත් නම් ලියා තිබෙනු දුටු බවත් එම තරුණිය සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad