තම දියණියට ජනාධිපති සමාව ලබා දී තිබුණ ද මෙතෙක් ඇය නිදහස් නොකිරීම පිළිබඳ බලවත් කනගාටුවෙන් පසුවන්නේ යැයි සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින සින්නතම්බි ශ්‍රී උදයා නැමැති තරුණියගේ මව වන එස්. තවමනී ප්‍රකාශ කරයි.
සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් නමක් කුරුටු ගෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි ශ්‍රී උදයා නමැත්තියට දෙවසරක සිරදඬුවම් නියම කෙරිණි.
දියණිය බැලීම සඳහා ඉකුත් 23 වැනිදා තමා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමන්ව නිදහස් කර ගන්නා ලෙස ඇය අඬා වැළපුණු බවද ප්‍රකාශ කර ඇත.
No comments:
Post a Comment