ඇමති රාජිතගේ පුතාගෙන් සිය දියණිය ඉල්ලා දෙන්නයි මව්පියන් ‘යුනිසෙෆ් සංවිධානයටත්’ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 27, 2015

ඇමති රාජිතගේ පුතාගෙන් සිය දියණිය ඉල්ලා දෙන්නයි මව්පියන් ‘යුනිසෙෆ් සංවිධානයටත්’ කියයි

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න විසින් පැහැර ගත් බවට පැවසෙන දැරියගේ දෙමාපියන් විසින් අද (27) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලිපියක් භාර දෙමින් පැහැර ගැනීම සම්බන්ධයෙන් වන මූලික කරුණු 4ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළහ.

දෙමාපියන් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති පසුබිමක ජාතික ළමාරක්ෂක අධිකාරියේ කඩිනම් ක්‍රියාමාර්ගයක් අපේක්ෂාවෙන් මෙම ලිපිය භාර දුන් බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා වන එක්සත් සේනාරත්න 2014 වර්ෂයේ පෙබරවාරි මස 24 වන දා තම දියණිය පැහැර ගත් බවට මෙම මව්පියන් මාධ්‍යට හෙළි කළහ. ඒ දිනිති ආලෝකා රණසිංහ නම් එවකට 16 හැවිරිදි වියේ පසුවූ දියණියයි.

No comments:

Post a Comment

Post Bottom Ad