‘ශ්‍රීලනිප’ ය දෙකඩ කළ යුතුයි - මහාචාර්ය නලින්ද සිල්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 27, 2015

‘ශ්‍රීලනිප’ ය දෙකඩ කළ යුතුයි - මහාචාර්ය නලින්ද සිල්වා

19 වන ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කළ යුතු බවත්19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපති සංශෝධනයක් බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.
තවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ශ්‍රී.ල.නි.ප. නිල වශයෙන් දෙකඩ කළ යුතු බවත් ඉන් අනතුරුව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා  එහි නිල නායකයා බවට පත්  කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී.ල.නි.පය තුළ නිවටයෝ සිටින බවත්,එම පක්ෂයේ  නිමල් සිරිපාල, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට විවාදයකට පැමිණෙන ලෙස තමා ආරාධනා කරන බවත්  අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad