'අනාගතයට බලපාන නිසා 19ට සියලු පක්ෂ සහය දෙන්න' - රතන හිමි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 27, 2015

'අනාගතයට බලපාන නිසා 19ට සියලු පක්ෂ සහය දෙන්න' - රතන හිමි 

'අනාගතයට බලපාන නිසා 19ට සියලු පක්ෂ සහය දෙන්න' - රතන හිමි 
19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කළ යුතු බවත් මේ අද සිටින ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට බලපාන දෙයක් නොවන අතර අනාගතය සදහා බලපාන නිසා මේ අවස්ථාවට පයින් නොගසා සියලු ම පක්ෂ සහය ලබා දිය යුතු බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 

උන් වහන්සේ මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගීවෙමිනි. 
“සමාජ, ආර්ථික වෙනසක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන්න ‍මේ ව්‍යවස්ථා සංශෝධනය බලපානවා. 

උතුරේ යුද්ධයක් හා 88, 89 කාලයේ දකුණේ කැරැල්ලක් ඇති කරන්න විධායක ජනාධිපති ක්‍රමය බලපෑවා. එය වෙනස් කරන්න අප කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවා කොමිසම් සභාව, පොලිසිය වැනි ස්වාධීන කොමිසම් සභා පත් කිරීම නිසා අන්තවාදී ලෙස කිසිවෙකුටත් කටයුතු කළ නොහැකියි.“ යැයි උන්වහන්සේ සඳහන් කළහ.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීම සියලු දෙනාට ම බලපානවා. දැන් යහ පාලන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන්න සියලු ම පක්ෂ එකතු වී සිටිනවා. 19  වන ව්‍යවස්ථා සංශෝධනය ‍මෙන් ම මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ යුතුයි“ යනුවෙන් ද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad