මෝටර් රථයක් දුම්රියක් හා ගැටීමෙන් 4 ක් මරුට (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 27, 2015

මෝටර් රථයක් දුම්රියක් හා ගැටීමෙන් 4 ක් මරුට (Photos)

කිළිනොච්චියේ අරියනගර් විශ්ව විද්‍යාල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් අද (27 දා)  පස්වරු 3-30 ට පමණ දුම්රිය එන්ජිමක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වී  තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.

යාපනය දෙසට දුම්රිය එන්ජිමක් ධාවනය වන අවස්ථාවේදී දුම්රිය ගේට්ටුව වසා තිබුණද ඒ හරහා මෝටර් රථය ධාවනය කිරීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදු වූ බව කිළිනොච්චිය පොලීසිය පවසයි.

තුන්දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා මියගොස් ඇත්තේ කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චියට දකුණේ සිට පැමිණි පිරිසකි.

තුවාල කරුවන් දෙදෙනා කිළිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වයද බරපතල බව කිළිනොච්චිය රෝහලේ කාර්ය බාර වෛද්‍යවරයා පැවසීය.

දිනසේන රතුගමගේ - වව්නියාව





No comments:

Post a Comment

Post Bottom Ad