'හැකිනම් ලිපි ගොනු ඉදිරිපත් කරන්න' ඥානසාර හිමියන්ගෙන් මහින්දට අභියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

'හැකිනම් ලිපි ගොනු ඉදිරිපත් කරන්න' ඥානසාර හිමියන්ගෙන් මහින්දට අභියෝගයක්

'හැකිනම් ලිපි ගොනු ඉදිරිපත් කරන්න' ඥානසාර හිමියන්ගෙන් මහින්දට අභියෝගයක්
මහින්ද රාජපක්ෂ මහතා තම සංවිධානයට බටහිර කුමන්ත්‍රණකරුවන් කියා පවසන්නේ නම් එය ඔප්පු කිරීම සඳහා සාක්ෂි ද ඉදිරිපත් කල යුතු බව බොදු බල සේනා ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් පවසයි.
 
ඒෂියන් මිරර් හා සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජක්ෂ මහතාට ඔහු  සතුව ඇතැයි පැවසූ 'ලිපි ගොනු' භාවිතා කල හැකි බවයි.
 
සුළු ජාතික මනාප වලට කෑදර කමින් මෙවන් ප්‍රකාශ කිරීමට රාජපක්ෂ මහතා පෙළඹී ඇති බවත් ඒ සඳහා ඔහු වටා සිටින රටට ජාතියට ආදරයක් නොදක්වන ඇතැම් පිරිස් වල ක්‍රියාකලාපයන් ද හේතු වී ඇති බවත් ඥානසාර හිමියෝ පවසා සිටිති.
 
තවද මහින්ද රාජපක්ෂ මහතාට නියමිත කාලයට පෙර ජනපතිවරණය කැඳවීමට උපදෙස් දුන්නේ තමන් නොවන නිසා එතුමාගේ පරාජයේ වගකීම තම සංවිධානයට භාරගත නොහැකි බවද උන්වහන්සේ අප සමඟ පැවසූහ.
 
වැරදි කොතරම් තිබුනත් රට ජාතිය බේරාගැනීමේ අවංක උවමනාව නිසා පසුගිය ජනපතිවරණයෙදී  බොදු බල සේනා සංවිධානය රාජපක්ෂ මහතාට සහයෝගය දුන් බවත්, තම සහයෝගය නිසා මහින්ද රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධ මනාප විශාල සංඛ්‍යාවක් ලැබුනත් ඒ ගැන සිහිපත් කිරීමට දැන් කිසිවෙකුත් නොමැති බව පැවසූ ඥානසාර හිමියෝ තම සංවිධානයට දැන් සිදුවී ඇත්තේ 'කළ හොඳ පස්සෙන් එලවනවා' වැනි දෙයක් බවද සඳහන් කළෝය.
 
පසුගිය බදාදා ප්‍රංශ පුවත් සේවය හා සාකච්ජාවකට එක් වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බොදු බල සේනාව යනු තමන් පරාජය කිරීම සඳහා කරන ලද බටහිර කුමන්ත්‍රණ වල එක් ප්‍රතිඵලයක් බව සඳහන් කර සිටියේ ය.
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad