ලෙඩ නැතිව රැඳවියන් රෝහලේ තැබුවොත් දොස්තර අමාරුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

ලෙඩ නැතිව රැඳවියන් රෝහලේ තැබුවොත් දොස්තර අමාරුවේ

ලෙඩ නැතිව රැඳවියන් රෝහලේ තැබුවොත් දොස්තර අමාරුවේ

රක්ෂිත බන්ධනාගාරයට නියම වූ රැදවියන් රෝගී තත්ත්වයක් නොමැතිව රෝහල්ගතවීම සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍යවරුන් හට විශේෂ උපදෙස් මාලාවක් ඇතුළත් දැනුවත් කිරීමේ ලිපියක් යොමු කර තිබේ.

බන්ධනාගාර වෛද්‍යවරුන් හට විශේෂ දැනුවත් කිරීමක් මීට සති කිහිපයකට පෙර නිකුත් කර ඇති අතර ඒ අනුව රක්ෂිත බන්ධනාගාරයට නියම වූ රැදවියන් රෝගී තත්ත්වයක් නොමැතිව රෝහල්ගතවීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරුන් වගකිව යුතු වෙනු ඇති. මීට අමතරව රෝගී තත්ත්වයක් නොමැතිව යම්කිසි රැදවියෙක් බන්ධනාගාර රෝහලේ ඇතුළත් වී සිටින්නේ නම්, වහාම ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීම බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ වගකීමක් බවයි කොමසාරිස් ජනරාල් එම්.ඞී. රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පැවසූවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ චක්‍රලේඛයක් පිළිබද අනාවරණ වූ බවයි. එය හදිසියේ ඉදිරිපත් කළ විශේෂ චක්‍රලේඛයක් බව ද ඔහු කියා සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad