බැසිල්ගේ උපන්දිනයට සෙත්පතා පිංකම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

බැසිල්ගේ උපන්දිනයට සෙත්පතා පිංකම්

බැසිල්ගේ උපන්දිනයට සෙත්පතා පිංකම්
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදෙන අප්‍රේල් 27වන සදුඳා ඒ නිමිත්තෙන් ඔහුට සෙත්පතා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ස්ථාන 62කදී බෝධිපූජා පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හැටේ දශකය අවසාන භාගයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරි දේශපාලනයට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා 1977 මහ මැතිවරණයේදී ශ්‍රිලනිපයෙන් මුල්කිරිගල ආසනයට තරග කළේය. ඉකුත් 2010 අප්‍රේල් මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයටය ඉදිරිපත්වී ලක්ෂ 4කට අධික වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා පිළිබදව ප්‍රකාශයක් ලබාදීමට අප්‍රේල් 22වැනිදා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකට ගිය ඔහු එදින රාත්‍රී කඩුවෙල මහේස්ත්‍රාත් ගේ නියෝගයක් අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කල අතර දැනට කොළඹ ජාතික රෝහලේ බන්ධනාගාර දැඩි රැකවරණ මැද වෛද්‍ය ප්‍රතිකාර ලබයි. 

No comments:

Post a Comment

Post Bottom Ad