19යේ කෙටුම්පතක් ජනපති මල්වතු මහ නාහිමියන්ට පිළිගන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

19යේ කෙටුම්පතක් ජනපති මල්වතු මහ නාහිමියන්ට පිළිගන්වයි

19යේ කෙටුම්පතක් ජනපති මල්වතු මහ නාහිමියන්ට පිළිගන්වයි
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (26) උදෑසන මල්වතු මහා විහාරයේදි මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.

අනතුරුව ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වූ අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

එමෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වීය. 

උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad